ENGLISH සිංහල

The University of Colombo gives its best to maintain a safe community that nurtures an enabling environment to express independent views on social media while upholding our university’s global reputation. University students are expected to follow social media platforms adopting the highest ethical and behavioral standards as per university social media guidelines. It covers appropriate best practices when you share your ideas as an individual or a group, on dynamic and socially interactive applications such as Facebook, WhatsApp, Tumblr, Instagram, Twitter, Viber, LinkedIn, Telegram, Blogs, YouTube, TikTok, Snapchat, etc.

  1. As a registered student of the University of Colombo, you are kindly requested to protect and safeguard the reputation of our University. If you are not satisfied with some services, rules/regulations of the university, or staff members, you can communicate your concerns to your counsellors, academic coordinators/tutors, or other officials of the university and seek a feasible solution. Problems cannot be solved by criticizing on social media alone.
  2. When you are sharing a post of some other people (friends or third parties) in social media, you must be mindful that such postings may not be correct. If you have participated in false propaganda intentionally or unintentionally, the university may have to take disciplinary action.
  3. In social media, people could easily fabricate the truth when posting messages or photographs. Such persons may invite you to participate in a protest campaign using your personal identity and asking you to post contents/share messages or emails to both university officials and outside parties. We kindly advise you to be very mindful when you participate in such activities that can bring disrespect to your University.
  4. Every citizen has freedom of speech and expression. However, social media should not be used to attack organizations, groups, or individuals by posting hate speech, sharing critical or sensitive messages written by others, expressing opinions that will create suspicion or social unrest within the wider society. If you have contributed to or assisted in such activities using social media, you would face disciplinary action.
  5. It is very important not to disturb academic activities through social media by posting answers for questions or requesting unauthorized assistance from others while engaging in academic activities. For example, sharing answers to assignments/exam paper questions through social media is unacceptable. Such activities may lead to disciplinary action.
  6. Some may assume that it is ‘safe’ to engage in wrongful activities using a bogus identity/account and such a method will protect the actual person. Technology and tools are available to trace the real identity of such persons. Authorities could identify the person, the actual device, and physical location if and when necessary. Therefore, we strongly advise you not to engage in unauthorized or illegal activities using a bogus identity.
  7. If you publish digital contents as the University of Colombo on social media using the University name, logo, or any other university intellectual property such as scanned books, past papers, etc., prior permission from the Registrar’s office is required. If you use the University of Colombo Logo, you must follow the Logo guidelines.
  8. Your communications in social media must not include offensive or derogatory posts, blogs, images, videos, false rumours or comments relating to gender, ethnicity, race, nationality, disability, reassignment, sexual orientation, religious basis, or those that pose a threat to national security.
  9. You are advised to refrain from posting someone else’s images, videos, or any other digital contents without proper permission of the original content publisher. You should also not share any copyrighted material without proper approval from the respective publisher(s).
  10. It is important to recognize that online conduct is governed by the same laws, policies, and rules of conduct that applies to all day-to-day activities. The University of Colombo urges students to be aware of the potential risks when making personal information public; to think about future implications and possible consequences of all posts, and to ensure safety through responsible and conscious decisions when using social media.
  11. It is your responsibility, to protect your social media accounts and for being aware of third-party applications that share your personal information to the public. If you need technical advice that protects your social media accounts, the university IT experts are available to help you here. IT Coordinators

සමාජ මාධ්‍ය මාර්ගෝපදේශන

කොළඹ විශ්වවිද්‍යාලය සිය උපරිම පරිශ‍්‍රමය දරන්නේ විශ්වවිද්‍යාලයට හිමි ජාත්‍යන්තර කීර්තිය රැුකගනිමින් සමාජ මාධ්‍ය තුළ ස්වාධීන අදහස් ඉදිරිපත් කළ හැකි වන පරිදි සුරක්ෂිත ප‍්‍රජාවකට යෝග්‍ය පරිසරයක් ඇති කිරීමට යි. විශ්වවිද්‍යාලයේ සමාජ මාධ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව විද්‍යාර්ථින් ඉහළ ම ආචාරධර්මීය හා චර්යාමය ප‍්‍රමිතීන්ට අනුව සමාජ මාධ්‍ය පරිශීලනය කළ යුතු ය. එහිදී ඔබ තනි ව හෝ කණ්ඩායමක් ලෙස හෝ සමාජීය වශයෙන් ප‍්‍රබල හා අන්තර්ක‍්‍රියාකාරිත්ව සමාජ මාධ්‍ය වන ෆේස්බුක්, වට්ස් ඇප්, ටම්බ්ලර්, ඉන්ස්ටග‍්‍රෑම්, ට්විටර්, වයිබර්, ලින්ක්ඞ් ඉන්, ටෙලිග‍්‍රෑම්, බ්ලොග්, යූ ටියුබ්, ටික් ටොක්, ස්නැප් චැට් යනාදී සමාජ මාධ්‍යයන්හි ඔබේ අදහස් ඉදිරිපත් කිරීමේ දී වඩා උචිත හා යහපත් සමාජ මාධ්‍ය චර්යාවක් පවත්වාගැනීමේ අවශ්‍යතාව මෙයින් අවධාරණය කරනු ලැබේ.

  1. කොළඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි විද්‍යාර්ථියකු වන ඔබගෙන් කාරුණික ව ඉල්ලා සිටින්නේ අප විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය ආරක්ෂා කොට පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස යි. විශ්වවිද්‍යාලයේ ඇතැම් සේවාවන්, නීති රීති/නියාමන හෝ කාර්ය මණ්ඩලය පිළිබඳ ඔබ තෘප්තිමත් නොවන්නේ නම්, ශිෂ්‍ය අනුශාසකවරුන්, අධ්‍යයන සම්බන්ධීකාරකවරුන්/උපදේශකවරුන් හෝ විශ්වවිද්‍යාලයේ වෙනත් නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කොට ඔබේ ගැටලූ සඳහා සාධනීය විසඳුමක් ලබාගැනීමට උත්සාහ කළ යුතු ය. සමාජ මාධ්‍ය මගින් විවේචනය කිරීමෙන් ගැටලූ විසඳාගත නොහැකි ය.
  2. ඔබ සමාජ මාධ්‍ය මගින් මිතුරන්ගෙන් හෝ තෙවන පාර්ශ්වයන්ගෙන් පෝස්ටු (Posts) හුවමාරු කරගන්නා විට ඒවායෙහි සාවද්‍ය තොරතුරු අන්තර්ගත වීමට ඇති අවස්ථා පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය. චේතනාන්විත ව හෝ එසේ නොවන අයුරින් හෝ එවැනි සාවද්‍ය ප‍්‍රචාරණවල නිරත වී ඇත්නම් ඒ සම්බන්ධ ව විනය ක‍්‍රියාමාර්ග අනුව කටයුතු කිරීමට විශ්වවිද්‍යාලයට සිදු වනු ඇත.
  3. පණිවිඩ හෝ ඡුායාරූප පළකිරීම මගින් සමාජ මාධ්‍යවල දී පුද්ගලයින්ට රිසි ලෙස, ආයාස රහිත ව පහසුවෙන් යථාර්ථය ප‍්‍රබන්ධ කළ හැකි ය. එවැනි පුද්ගලයින් ඔබගේ පෞද්ගලික අනන්‍යතාව භාවිත කරමින් විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වන ලෙස හෝ පෝස්ටු (Posts) පළකරන ලෙස, ඒවා බෙදාහරින ලෙස හෝ විද්‍යුත් තැපෑල මගින් විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට හා බාහිර පාර්ශ්වවලට යොමුකරන ලෙස ඉල්ලීම් කළ හැකි ය. එවැනි ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමේ දී වඩාත් කල්පනාකාරී ව කටයුතු කරන ලෙසත් එමගින් විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට අගෞරව නොකරන ලෙසත් අපි ඉතා කාරුණික ව ඔබට උපදෙස් දෙමු.
  4. ප‍්‍රකාශනයේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සෑම පුද්ගලයකුට ම හිමි වේ. එසේ වුව ද, එම නිදහස භාවිත කරමින් සමාජ මාධ්‍යවල දී ආයතන, කණ්ඩායම් හෝ පුද්ගලයින් ඉලක්ක කොට වෛරී ප‍්‍රකාශන සිදු නොකළ යුතු අතර අන් අයගේ විවේචනාත්මක හා සංවේදී පණිවිඩ හුවමාරු කරගැනීම මගින් සැකයට හා සමාජ ව්‍යාකූලත්වයට අනුබල දෙන තොරතුරු සන්නිවේදනය නොකළ යුතු ය. සමාජ මාධ්‍ය මගින් එවැනි ක‍්‍රියාකාරකම්වල ඔබ නිරත වී ඇත්නම්  හෝ ඒවාට සහාය වී ඇත්නම් ඔබට විනය ක‍්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදු වේ.
  5. අධ්‍යයන කටයුතුවල නිරත වන අවස්ථාවල දී  ඊට බාධාවන පරිදි විභාග ප‍්‍රශ්නවලට අදාළ පිළිතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමට හෝ අධ්‍යයන කටයුතුවල දී අන්‍යයන්ගෙන් අනවසර සහයෝගය ලබා ගැනීමට ක‍්‍රියා නොකළ යුතු ය. උදාහරණයක් ලෙස පැවරුමක/විභාගයක ප‍්‍රශ්න සමාජ මාධ්‍ය මගින් ඉදිරිපත් කිරීම කිසිසේත් අනුමත නොකෙරේ. එබඳු ක‍්‍රියාකාරකම් විනය ක‍්‍රියාමාර්ග අනුව කටයුතු කිරීමට හේතු විය හැකි ය.
  6. ව්‍යාජ ගිණුම් හා  රහසිගත අනන්‍යතා භාවිත කරමින්  අයථා ක‍්‍රියාකාරකම්වල නිරත වීම ආරක්ෂිත බවත් එමගින් අදාළ පුද්ගලයාට ගැටලූවක් ඇති නොවන බවත් සමහරු උපකල්පනය කරති. එහෙත් එවැනි පුද්ගලයින්ගේ සැබෑ අනන්‍යතාව අනාවරණය කරගත හැකි තාක්ෂණය ද අවශ්‍ය උපකරණ ද තිබේ.  බලධාරීන්ට අදාළ පුද්ගලයා හඳුනාගත හැකි අතර ඔහු හෝ ඇය විසින්  භාවිත  කරන ලද උපකරණය හා රැඳීසිටින ස්ථානය වුව ද අවශ්‍ය අවස්ථාවක දී අනාවරණය කරගත හැකි ය. එබැවින්, එවැනි ව්‍යාජ අනන්‍යතා භාවිත කරමින් අනවසර හා නීතිවිරෝධී කටයුතුවල නොයෙදෙන ලෙස අපි ඔබට තරයේ උපදෙස් දෙමු.
  7. ඔබ කොළඹ විශ්වවිද්‍යාලයට අදාළ ව විශ්වවිද්‍යාල නාමය, ලාංඡනය හෝ විශ්වවිද්‍යාලය සතු වෙනත් බුද්ධිමය දේපළ එනම්, ස්කෑන් කරන ලද පොත්, පසුගිය විභාග ප‍්‍රශ්න පත‍්‍ර යනාදිය ඩිජිටල් අන්තර්ගතයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන්නේ නම් ඒ සඳහා ලේඛකාධිකාරීවරයාගේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වේ. ඔබ විශ්වවිද්‍යාලයේ ලාංඡුනය භාවිත කරන්නේ නම් ලාංඡනය භාවිතයට අදාළ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු ය.
  8. ඔබේ සමාජ මාධ්‍ය සන්නිවේදනය තුළ කිසිදු අවස්ථාවක ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය, ජනවාර්ගිකත්වය, ජාතිය, ජාතිකත්වය, ආබාධිතභාවය, ලිංගික දිශානතිය, සංක‍්‍රාන්තික ලිංගිකත්වය, ආගමික පදනම හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ අහිතකර, අපහාසාත්මක හෝ අශ්ලීල පෝස්ටු (Posts), බ්ලොග් අඩවි, ඡායාරූප, වීඩියෝපට හෝ පුද්ගල මතවාද ප‍්‍රකාශයට පත් නොකළ යුතු ය.
  9. මුල් ප‍්‍රකාශකයාගෙන් ලත් විධිමත් අනුමැතියකින් තොර ව කිසියම් පුද්ගලයකුගේ ඡායාරූප, වීඩියෝ හෝ වෙනත් ඩිජිටල් අන්තර්ගත සමාජ මාධ්‍ය මගින් පළ කිරීමෙන් වළකින ලෙස ඔබට උපදෙස් දෙනු ලැබේ. අදාළ ප‍්‍රකාශයාගෙන් ලත් එබඳු අනුමැතියකින් තොර ව කර්තෘ/ප‍්‍රකාශන හිමිකම් සහිත කිසිදු ප‍්‍රකාශනයක් හුවමාරු නොකළ යුතු ය.
  10. දෛනික ක‍්‍රියාකාරකම්වලට අදාළ වන නීති රීති හා ප‍්‍රතිපත්ති අන්තර්ජාල ක‍්‍රියාකාරීත්වයට ද  අදාළ වන බව සැලකිය යුතු ය. කොළඹ විශ්වවිද්‍යාලය සිසුන්ට අවධාරණය කරන්නේ සිය පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය මගින් පොදු අවකාශය තුළ ඉදිරිපත් කිරීමේ දී එමගින් අනාගතයේ ඇතිවිය හැකි බලපෑම් හා ප‍්‍රතිඵල පිළිබඳ ව සැලකිලිමත් වන ලෙස යි. සමාජ මාධ්‍ය භාවිතයේ දී වගකීමකින් හා දැනුවත්භාවයකින් යුතු ව කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
  11. ඔබේ සමාජ මාධ්‍ය ගිණුම්වල ආරක්ෂාව පිළිබඳ වගකීම ඔබට පැවරෙන අතර ඔබේ පෞද්ගලික තොරතුරු විවෘත ව ඉදිරිපත් කරන තෙවන පාර්ශ්ව යෙදවුම් (Third party applications) පිළිබඳ ව සාවධාන වීම ද ඔබේ වගකීමකි. ඔබේ සමාජ මාධ්‍ය ගිණුම්වල ආරක්ෂාව පිළිබඳ ව  තාක්ෂණික උපදෙස් අවශ්‍ය නම් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විශේෂඥයන්ගේ සහාය ඔබට ලබාගත හැකි ය.
UPDATED: 20:57 PM 4/4/2021