Special Notice for Students

Special Notice for Students

කොළඹ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර, නීති, අධ්‍යාපන, කළමණාකරන හා මූල්‍ය, භෞතචිකිත්සක ඒකක සහ විද්‍යා පීඨ, සිව්වන වසර සිසුන් සදහා අධ්‍යයන කටයුතු 2020-06-29 වන දින ආරම්භ කල අතර කොළඹ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමා සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ උපදෙස් මත පදනම්ව, සිසුන් 484 දෙනෙකුට නේවාසිකාගාර පහසුකම් ලබා දී ඇත. කොවිඩ් 19 වසංගත උවදුර ව්‍යාප්ත වීමේ අවදානම හේතු කොටගෙන, 2020-06-28 වන දින ඔබ වෙත නිකුත් කරනු ලැබු සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද මෙහෙයුම් මාර්ගෝපදේශන සහ අනුගමනය කල යුතු උපදෙස් පත්‍රිකාවට වැඩිමනත් ලෙස පහත සදහන් ක්‍රියාමාර්ග තරයේ අනුගමනය කළ යුතු බව නැවත දන්වා සිටිමි.

නේවාසිකාගාර සිසුන්

  • නේවාසිකාගාරවලට ඇතුල් වීමට පෙර, රජයේ වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් සබන්/ විෂබීජනාශක දියර භාවිතා කර අත් සේදිය යුතුය.
  • මුඛ ආවරණ අනිවාර්යයෙන් පැළද සිටිය යුතුය.
  • සෑම කටයුත්තකදීම පුද්ගල දුරස්ථභාවය රැකිය යුතුය.
  • තම තමන්ගේ උපකරණ පෞද්ගලිකව පරිහරණය කිරීමට වග බලා ගත යුතුය.
  • නේවාසිකාගාරයේ තමන්ට නියමිත කාමරයේ පමණක් රැදි සිටීමට වගබලා ගත යුතු අතර අනෙක් කාමර වෙත යෑමෙන් සම්පූර්ණයෙන් වැලකී සිටිය යුතුය.
  • නේවාසිකාගාර පරිශ්‍රය තුළ කිසිවිටෙක සමූහ වශයෙන්/ කණ්ඩායම් වශයෙන් සිසුන් ඒකරාශි නොවිය යුතුය.
  • නේවාසිකාගාර පරිශ්‍රයට ඇතුල් වු පසුව සිසුන් ඉන් බැහැර නොයා යුතුය.
  • භාවිතා කරන මුඛ ආවරණ (නැවත භාවිතා කල නොහැකි) බැහැර කිරිම සදහා අදාල කසල බදුන පමණක් භාවිතා කල යුතුය.
  • උණ, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව වැළදි ඇත්නම්, වහාම උපශාලාධිපති දැනුවත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.

සියලුම දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව හේතුවෙන් ඉහත උපදෙස් තරයේ පිළිපැදිය යුතු බව මෙයින් තවදුරටත් අවධාරණය කරමි.


ලේඛකාධිකාරි
කොළඹ විශ්වවිද්‍යාලය